ඔරොත්තු නොදෙන බරක් පැටවූ ටිපර් රථය

පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අන්දරවැව හන්දිය අසලදී ලෑලි තොගයක් පටවාගෙන ආ ටිපර් රථයක් පෙරළී තිබේ.

අනුරාධපුරයේ සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් මෙලෙස අනතුරුට ලක්ව ඇත.

සීමවා ඉක්මවා ටිපර් රථයට ලෑලි පටවීම හේතුවෙන් හා වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුරුව සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරෙන් රියදුරා හා සහායකයා සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් නොච්චියාගම රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.