ගොවි ජන ජීවිතය නඟා සිටුවීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.
අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදයට එක්වෙමින් කෘෂිකර්ම ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසිය.
වාරිමාර්ග කටයුතු සහ ගොවීන්ට ඉඩම් හා පොහොර ලබා දීම වෙනුවෙන් කලක් තිස්සේ විශාල මුදලක් වියදම් කර තිබෙනවා. ගොවියා සැමදා දුප්පත්.
ගොවි ජනතාව සිටින තැනින් ඉදිරියට ඔසවා තැබීම ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ඉදිරියේදී කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලුම යෝජනා සකස් කරනවා.
එමෙන්ම රටේ වගාවන් සඳහා වනසතුන්ගෙන් වන හානිය බරපතළ ගැටලුවක්. වගාවන් සඳහා තම වගා භූමියේදී වන සතුන් සිදුකරන හානියේදී ඔවුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියා මාර්ගයක් ගැනීමට බාධාවක් නැහැ. මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ වගකීම මගේ අමාත්‍යාංශය භාර ගන්නවා.
පසුගිය කාලයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයට සම්බන්ධ වී සිටින අය විවිධ ව්‍යාපෘති යෝජනා රැගෙන ආවා. ඒ හැම ව්‍යාපෘති යෝජනාවකම ගොවියාගේ කෑල්ල අතහැරලා තිබෙනවා. ව්‍යාපෘති වාර්තා සම්පූර්ණයෙන් සකස් වෙලා තිබෙන්නේ එම ජන කණ්ඩායම ඉලක්ක කරගන්නේ නැතිව.
අපි මැතිවරණ සමයේ පොදුවේ කතා කරපු කාරණා 04ක් තිබෙනවා. එකක් තමයි දේශපාලන සංස්කෘතිය කඩා වැටීම/ ආර්ථිකය/ සමාජය සහ සංස්කෘතිය කඩා වැටීම. ආර්ථික සමාජ සහ සංස්කෘතිය ගොඩනැඟීමට නම් පළමුවැනි කාරණය වන දේශපාලන සංස්කෘතිය හරියට ගොඩනැඟිය යුතුයි.
අපි එම දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. රජ කාලේ පවා පැරදුණු අයගෙන් පලි ගත්තා. නමුත් ඉතිහාසයක් පුරා තිබූ ඒ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූ දිනේ සිට එම වෙනස කිරීමට අපට හැකි වුණා. අපි සිස්ටම් චේන්ජ් එකක් කළා.
මේ රටේ උත්සව පිළිබඳව ගායක් තිබුණේ. මහජන ධනය නාස්ති කළා. අපි එම ක්ෂේත්‍රයේත් වෙනසක් ඇති කළා. ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සම්බන්ධයෙන් අද මේ රටේ ජනතාව සතුටින් ඉන්නේ. මැති ඇමැතිවරුන්ට තිබූ රථ ගාය මේ ආණ්ඩුව නතර කළා.
නමුත් රාජ්‍ය සේවයේ තවමත් ආකාර්යක්ෂම බවක් තිබෙනවා. දේශපාලන සංස්කෘතියේ ඇති කර ගත් වෙනස රාජ්‍ය සේවයේත් ඇති කර ගත යුතුයි නැත්නම් රට ඉදිරියට ගෙනයන්න බැහැ. රාජ්‍ය සේවකයෝ තැපැල් ඡන්දවලින් පෙන්නුවා ඒ ගොල්ලොත් මේ සිස්ටම් චේන්ජ් එකට කැමතියි කියලා. අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවයත් සමඟ කාර්යක්ෂම ගමණක් ඉදිරියට යන්න පුළුවන් කියලා.