රජයේ අවධානයට අලි ගැටලුවට විසඳුම් නැතිනම් වගාවෙන් ඉවත් වෙනවා

වන අලි ගැටලුවට විසඳුම් ලබා නොදෙන්නේ නම් තමන් ඉදිරියේදී වගා කටයුතුවලින් ඉවත්වන බව මහවිලච්චිය ප්‍රදේශයේදී ගොවීහු පවසති.

අනුරාධපුර, මහවිලච්චිය, මන්නාරම් හන්දිය ප්‍රදේශයට නිරන්තරව සිදුවන වන අලි හානිය හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබේ.

එම ප්‍රදේශය තුළ සිදු කෙරෙන වී ගොවිතැනට අමතරව වට්ටක්කා සහ ගස්ලබු ඇතුළු හේන් ගොවිතැන් මේ දිනවල ගම් වදින අලින්ගෙන් දැඩි හානියට පත්වන බව එම ගොවීහු පැවසූහ.

රජයේ අවධානයට අලි ගැටලුවට විසඳුම් නැතිනම් වගාවෙන් ඉවත් වෙනවා - මහවිලච්චිය ගොවීහු

එම ප්‍රදේශයේ වගා කර තිබූ ගස්ලබු වගාවන් කිහිපයක් වන අලි ගම්වැදී සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බවත් පසුගිය දින කීපය තුළදී වන අලින් රංචු වශයෙන් ගම් වැදී වී ගොවිතැනට අමතරව ප්‍රදේශයේ ගොඩ බෝග වගාවන් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති ආකාරයත් ඔවුහු පෙන්වා දුන්හ.

විල්පත්තුව රක්ෂිතයේ සිට මෙම වන අලි ගම් වදින බවත් එම රක්ෂිතය ආවරණය කරමින් ශක්තිමත් විදුලි වැටක් නොතිබීම වන අලින් ගම් වැදීමට ප්‍රධාන හේතුව බවත් පවසන එම ගොවීහු වැඩිදුරටත් පැවසුවේ වත්මන් රජයද මෙම වන අලි ගැටලුවට විසඳුම් ලබා නොදෙන්නේ නම් තමන් සිය වගා කටයුතුවලින් ඉවත්වන බවය.

Leave a Reply

Your email address will not be published.