කළු ගඟේ වළං සෝදන්න ගිය කාන්තාව කිඹුලෙකුට බිලිවෙයි

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි.

මෙසේ කිඹුලා ඩැහගෙන ගොස් ඇත්තේ දොඩංගොඩ කොහොලාන උතුර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.

කළුතර කොහොලාන ප්‍රදේශයේ කළු ගඟ ආසන්නයේ දී එම කාන්තාව ව කිඹුලා ඩැහැගන ගොස් ඇති බව සඳහන් ය.

කළු ගගේ බෝට්ටු යොදා ප්‍රදේශයේ  ජනතාව සිදුකළ සෝදිසි මෙහෙයුමෙන් පසුව මෘත ශරීරය සොයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.