විදෙස් ජාතිකයෙක් දියේ ගිලී මරුට

හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලි මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වන ඉන්දීය ජාතිකයෙකි.

පොලීසිය පැවසුවේ ඊයේ (25) සවස මෙම පුද්ගලයා සිය දියණිය, පුතා සහ තවත් පුද්ගලයෙකු සමග මුහුදේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් ඔවුන් ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහිදී පිරිමි පුද්ගලයා මියගොස් ඇත.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශනය සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.