ජනපති නීතීඥවරුන්ට අපහාස කළ බවට චෝදනාවක්

ජනාධිපතිවරයා ආරක්ෂ අමාත්‍යංශ වැය ශීර්ෂ අය වැය කාරක සභා විවාදයට ඊයේ සහභාගී වී සිය කතාවේදී නීතීඥවරුන්ට සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට අපහාස කළ බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ජගත් චිත්‍රාල් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

සැකකරුවන් සමග ඇතැම්නී තීඥවරුන් හා නීතිපති දෙපාර්තමේන්තු ඇතැම් නිලධාරීන් සබදතා පවත්වන බවත් ඇතැම් නීතීඥවරුන් සැකකරුවන් උසාවියට ඉදිරිපත් කර පසුව ඔවුන් සමඟ ඔවුන්ගේ වාහන වල නැගී යන බව කීවේ නොදන්නාකම නිසා විය හැකි බැවින් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.සැකකරුවෙක් නීතිය හමුවේ වරදකරුවෙක් වන තුරු නීතීඥවරුන්ට ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය හැකි බවත් උසාවියට ඉදිරිපත් කරන සෑම සැකකරුවෙක්ම අපරාධකරුවෙක් නොවන බවද කීවේය.විනිසුරුවරුන්ට සැකකරුවන් සමග සබදතා පැවැත්විය නොහැකි බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.