මාර්තු මාසයේ උද්ධමනය ඍණ 2.6 යි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ මාර්තු මාසයේ උද්ධමනය සියයට ඍණ 2.6 ක් දක්වා වැඩි වී ඇත.

2025 පෙබරවාරි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට ඍණ 4.2 ක් විය.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (28) සවස මෙම නවතම උද්ධමන අගයන් ප්‍රකාශ කර ඇත.

2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඍණ 0.2 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය , 2025 මාර්තු මාසයේ දී සියයට 0.6 දක්වා වැඩි වී ඇති අතර එමෙන්ම 2025 පෙබරවාරි මාසයේ දී සියයට ඍණ 6.1 ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 මාර්තු මාසයේ දී සියයට ඍණ 4.1 ක් දක්වා වැඩි වී ඇත.

Leave a Reply

Your email address will not be published.