විද්‍යුත් ඩෙටනේටර් 2ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

විද්‍යුත් ඩෙටනේටර් 02ක් සහ ගංජා ග්‍රෑම් 81ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිංවත්ත පොලිස් වසමේ නැපෝලියන් වත්ත ප්‍රදේශයේදී පිංවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 
 
සැකකරු වයස අවුරුදු 49ක් වන වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පිංවත්ත පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.