බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ඝාතනයක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර තිබේ.

උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි.

රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට ඇතිවූ සැකය මත විමර්ශන සිදුකෙරෙයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ශිවා නමැති රැඳවියෙකු වන අතර ඔහුගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇනීමෙන් ඇතිවූ තුවාල දක්නට ඇති බවත් වාර්තා වෙයි.

පසුගියදා බූස්ස බන්ධනාගාරයේ දැඩි සෝදිසි කිරීමක් සිදුවූ අතර එහිදී රවුටර් සහ ජංගම දුරකථක රැසක් සොයාගෙන තිබුණි.

මෙම ඝාතනය සහ එම සිදුවීම අතර සම්බන්ධයක් පවතින්නේදැයි සැකයක් මතුවී ඇති අතර එසේත් නොමැති නම් මත්ද්‍රව්‍ය සිද්ධියක් ඝාතනයට හේතු වන්නට ඇති බවට නිලධාරීන් සැක කරන බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.