කොල්ලකරුගේ පිහි පහරින් පේදුරුතුඩුවේ කතක් මරුට

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී නිවසක් කොල්ල කෑමට පැමිණි තරුණයකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව පේදුරුතුඩුව පොලිසිය සඳහන් කරයි.

අදාළ නිවසේ කාන්තාවන් දෙදෙනකු පමණක් ජීවත්ව ඇති අතර ඉකුත් 20 දා සවස එක කාන්තාවක දේවස්ථානයට ගොස් සිටියදී අදාළ අසල්වැසි තරුණයා නිවසට ඇතුළුව තිබේ. මෙහිදී නිවසේ සිටි 69 හැවිරිදි කාන්තාව දුටු තරුණයා ඇයට පහරදී පිහි ප්‍රහාරයක් ද එල්ල කර තිබේ. එහිදී කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයා පේදුරුතුඩුව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published.