ඇමෙරිකානු බෝයිස් ඇවනිව් සංගීත කණ්ඩායම ලංකාවට

ලෝකයේ තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත්, ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce awenue) සංගීත කණ්ඩායමේ පිරිස ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ඔවුන් රාත්‍රි 10.00 ට මැලේසියාවේ, ක්වාලාලාම්පූර් නුවර සිට පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි සිටියහ. මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වෙන අතර, මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගි වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.