ගල්කිස්සේ වෙඩිතැබීමක් – 19 හැවිරිදි තරුණයෙක් මරුට

අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 19 හැවිරිදි ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.