මෙක්සිකෝවේ අනතුරකින් 21 දෙනෙකු මරුට

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පසුගිය පෙබරවාරී මාසයේදී ද මෙක්සිකෝවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.

.

Leave a Reply

Your email address will not be published.