EPF සේවාවන් නැවත ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්

සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ සිදුකරන ලද හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු අවසන් කර ඇති බැවින් මෙලෙස සේවාවන් ආරම්භ කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දී ඇත.

කෙසේ නමුත් මීට පෙර සඳහන් කර සිටියේ, සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද සිට ලබන 23 වනදා දක්වා තාවකාලිකව අත්හිටු වන බවය.

Leave a Reply

Your email address will not be published.