අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවෙකු කළුතර උතුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කළුතර උතුර ෆොන්සේකා පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 110යි මිලිග්‍රෑම් 17ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101යි මිලිග්‍රෑම් 47ක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් 750,000ක් මුදලක් ද සොයාගෙන තිබේ.
39 හැවිරිදි සැකකරු කළුතර මහාධිකරණය හා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකක් සඳහා විවෘත වරෙන්තු ලැබූ වරෙන්තුකරුවෙකු බව පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි.