මහියංගණය ගුරුමඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වන මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවකි.
අදාළ පුද්ගලයාගේ ඥාති සහෝදරියකගේ අවමඟුල් උත්සවයක් අතරතුර පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට මහියංගණය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.