ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරා ගැනේ

ආපදාවට ලක්ව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

ඉන්දියානු ධීවර යාත්‍රාවක් පූර්ණ සන්නිවේදන සම්බන්ධතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමකදී හලාවතට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ ආපදාවට පත්ව ක්‍රියා විරහිතව තිබියදී එම ධීවර යාත්‍රාව සොයා ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ මෙම මෙහෙයුම මඟින් මුදාගත් ඉන්දීය ධීවරයින් සිව්දෙනා ඉන්දියාවේ මිනිකෝයි දුපතේ පදිංචි පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.

ඔවුන් දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ඇති අතර මූලික වෛද්‍ය පරීක්‍ෂණයන්ගෙන් පසුව ඉදිරි කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published.