පුද්ගලයින් සිව්දෙනෙක් දියවැලකට හසුවෙයි

ඒත්තුකාල වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දිය වැලකට හසු වී මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට සමත්ව තිබේ.

ඊයේ (06) සවස මෙම අනතුර සිදුව ඇති අතර, පොලීසිය සඳහන් කළේ, එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂක අනුරාධ, පොලිස් කොස්තාපල් 99177 ලක්ෂාන් හා පොලිස් කොස්තාපල් 105320 විජේසිංහ යන නිලධාරීන් විසින් දියවැලට හසුවු පුද්ගලයින්ව බේරාගෙන ඇති බවය.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අවුරුදු 20, 21, 22 හා 34 වයස්වල පසුවන වේයන්ගොඩ, පූඩළුඔය හා නමුණුකුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. 

Leave a Reply

Your email address will not be published.