පෙම්වතාව බේරාගන්න ගිය සරසවි පෙම්වතිය දියේ ගිලී අතුරුදන්

මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (20) සවස 5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.

ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිද පැමිණ ඇති අතර, දියසෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා ගොස් ඇත.

එම අවස්ථාවේ දී පෙම්වතිය ඔහුව බේරාගැනීමට අත දී ඇති අතර, දෙදෙනාම ඇළට වැටී තිබේ.

පසුව එම ස්ථානයෙන් ගිය මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර, තරුණිය සොයා ගැනීමට ඔවුන්ට හැකිවී නොමැත.

Leave a Reply

Your email address will not be published.