බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරයෙන් ඉවතට

බෞද්ධ කටයුතු කොමසාරිස් ප්‍රේමසිරි රත්නායක එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ .

සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම සහ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීන්දුව ගෙන තිබේ .

බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ද මේ බව සඳහන් කර තිබේ .
ප්‍රේමසිරි රත්නායක බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයට පත්වූයේ 2024 වසරේ ජනවාරි මාසයේදීය.
වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.