රු. 50,000ක් අල්ලස් ගත්තු OIC රිමාන්ඩ්

වැලි ව්‍යාපා­ර­යක් කර­ද­ර­ය­කින් තොරව පව­ත්වා­ගෙ­න­යා­මට ඉඩ දීමට ව්‍යාපා­රි­ක­ය­කු­ගෙන් අල්ලස් ගත් චෝද­නාව මත අත්අ­ඩං­ගු­වට ගත් ඔක්ක­ම්පි­ටිය පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා අගෝස්තු 18දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි ජය­තුංග මහ­ත්මිය ඊයේ (4) නියෝග කළාය. සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් විම­ර්ශන නිල­ධා­රීන් පැව­සූවේ, පසු­ගිය 28 වැනිදා සැක­කරු මොන­රා­ගල ප්‍රදේ­ශයේ දී අත්අ­ඩං­ගු­වට ගෙන වැල්ල­වාය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ඊයේ (04) දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළ බවයි.

ඒ අනුව ඊයේ (04) සැක­කරු මෙම අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කරන බව කියා සිටි විම­ර්ශන නිල­ධා­රීන් සිද්ධිය සම්බ­න්ධව වැඩි­දුර විම­ර්ශන වාර්තා­වක් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කළේය.

විම­ර්ශන සම්බ­න්ධව කරුණු දැක්වූ විම­ර්ශන නිල­ධා­රීන් කියා සිටියේ ඔක්ක­ම්පි­ටිය ගාමි­ණී­පුර ප්‍රදේ­ශයේ වැලි ව්‍යාපා­රි­ක­යකු විසින් සිදු කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බවයි.

පැමි­ණි­ලි­කරු විසින් ඔක්ක­ම්පි­ටිය ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන යනු ලබන වැලි ව්‍යාපා­රය කර­ද­ර­ය­කින් තොරව පව­ත්වා­ගෙන යාමට මාසි­කව රුපි­යල් 50,000 බැගින් මුදල් ඉල්ලා ඇති බවයි.

පසුව සැක­කරු විසින් අවස්ථා කීප­යක දී පැමි­ණි­ලි­ක­රු­ගෙන් අල්ලස් ලෙස රුපි­යල් 47,000ක මුද­ලක් ඉල්ලා ගෙන ඇති බව ද විම­ර්ශන නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට කියා සිටි­යේය.

Leave a Reply

Your email address will not be published.