පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු රක්වාන මැදගංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය.

සැකකරු සතුව තිබී කෝඩයිට් කිලෝ ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක්, ඇමෝනියෝ කිලෝ ග්‍රෑම් 9කට අධික ප්‍රමාණයක්, වොටර් ජෙල් කුරූ 15ක්, ඩෙටනේටර් 28ක්, සහ සේවා නූල් අඩි 22ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 78 හැවිරිදි රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

Leave a Reply

Your email address will not be published.