පෙරහර විශේෂ රාජකාරිවල නිරත පොලිස් කණ්ඩායමක් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ජාතික හැඳුනුම්පත් 14 ක් හා රියැදුරු බලපත්‍රයක් ළඟ තබාගෙන සිටි මහනුවර පෞද්ගලික බැංකුවක කළමනාකාරවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ බැංකුව පෙරේදා (04) පෙරහර ආරම්භ වීමට පැයකට පමණ පෙර පරීක්ෂා කිරීමේ දී කළමනාකාරවරයා භාරයේ තිබී මෙම හැඳුනුම්පත් හා රියැදුරු බලපත්‍රය හමුවූ බව පොලීසිය පවසයි.
බැංකුවේ ගනුදෙනු සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියැදුරු බලපත්‍රය ලබා ගන්නා බවත් ඇතැම් පුද්ගලයන් ගනුදෙනු කර ගැනීමෙන් පසු ඒවා අමතක කර දමා යන බවත් කළමනාකාරවරයා පොලීසියට පවසා තිබේ.
එම හැඳුනුම්පත්වල හා රියැදුරු බලපත්‍රයේ හිමිකරුවන්ට ඒවා රැගෙන යන ලෙස දැනුම් දී තිබෙන බව ද ඔහු පවසා ඇත.
වෙනත් අයගේ හැඳුනුම්පත් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගත් බැංකු කළමනාකාරවරයා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

