බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ ගින්නක්

බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ අද (08) හදිසි ගින්නක් හට ගෙන තිබේ. 

පවතින වියළි දේශගුණයත් සමඟ මෙම ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා යුධ හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් සිටී.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කර සිටියේ ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 412 ගුවන් යානයක් ද යොදවා ඇති බවය.

Leave a Reply

Your email address will not be published.