ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකෙරේ

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ නිමාව සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රය වන දිය කැපීමේ චාරිත්‍රය අද (9) පෙරවරුවේ සුබ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදු කළේය.

අවසන් රන්දෝලි මහා පෙරහර නිමා වී සධාතුක කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර සිව්මහා දේවාලයන්හි පෙරහර සමග ගැටඹේ මහවැලි ගං තොටදී මෙම දිය කැපීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබීය.

දියවඩන නිලමේ ප්‍රධාන සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් විසින් සම්ප්‍රදානුකූලව පෙරහැර සංදේශය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් පසු මෙවර ඇසළ මහ පෙරහර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත්වේ.

Leave a Reply

Your email address will not be published.