වීරගුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කරගෙන තිබේ.
සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වීරගුල පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකරයෙකි.
ඔහු අත්තනගල්ල බෝ පැත්ත ප්‍රදේශයේ පදිංචි පනස් හය හැවිරිදි විවාහක පුද්ගලයක් බවද සඳහන් වේ.

