මහවැලි ගඟේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවෙයි

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබේ.

මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මෘත ශරීරය නරක් වී ඇති අතර උඩුකයට නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ යටිකයට නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැද සිටින බව පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published.