ලොව පුරා ජනතාවගේ අවධානය දිනාගත් විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ මියයයි

ගෞරවනීය විනිසුරුවරයෙකු ලෙස ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගත් විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ මියගොස් තිබේ.

දීර්ඝ කාලීනව පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළුනු ඔහු ඊයේ (20) දිනයේ  මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියයන විට ෆ්‍රෑන්ක් කැප්රියෝ 88 හැවිරිදි වියේ පසු වුණි.

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු සිය නඩු ඇසීමේ ක්‍රියාවලිය තුළ දී ආදරය, කරුණාව වැනි ගුණාංග ඉස්මතු වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් ලොව පුරා ජනතාවගේ කතාබහට ලක්වුණි.

මානව හිතවාදී නඩු තීන්දු ලබාදීම සම්බන්ධයෙන් මෙන්ම ඔහුටම ආවේණික වූ යුක්තිය පසදලීමේ ක්‍රියාවලියක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ද ෆ්‍රෑන්ක් කැප්රියෝ විනිසුරුවරයා ප්‍රසිද්ධියක් උසුලයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සිය නඩු තීන්දු විකාශය කිරීමට ද කටයුතු කළ ඔහු තමාගේම යුටියුබ් නාළිකාවක් මඟින් ඒවා ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.   

Leave a Reply

Your email address will not be published.