ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) අවසර ලබා දුනි.

මෙම සැකකරු හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ (20) අත්අඩංගුවට ගත්තේය.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, 34 හැවිරිදි බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබලෙකු වන සැකකරු අවිස්සාවේල්ල සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකිරීමට තැත්කිරීම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවී ඇති බවය. 

එමෙන්ම සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත හංවැල්ල ප්‍රදේශයේ සඟවා තිබු මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, පතරොම් හතරක්, බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි ගිනිඅවි දෙකක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6ක් සොයාගත් බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.