සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට කාර්යය සාධක බලකායක්

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම කාර්යය සාධක බලකාය ස්ථාපිත කර ඇති බවය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව සාමාජිකයින් 28 දෙනෙකුගෙන් සමන්විතය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ රැසක ලේකම්වරු, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන් මෙම කාර්යය සාධක බලකාය සමන්විත වේ.

එම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති විශ්ලේෂණය, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ නියාමනය, අභියෝග හඳුනාගැනීම සහ විසඳුම් යෝජනා කිරීම, අධීක්ෂණය සහ ඇගයීම, ප්‍රාදේශීය මට්ටම දක්වා පුළුල් කිරීම, ආකර්ෂණීය ගමනාන්ත සදහා පහසුකම් පුළුල් කිරීම, තිරසාර සංචාරක සංවර්ධනය සහ සංචාරක ප්‍රවර්ධනය අලෙවිකරණය සහ සන්නාමකරණය යන කාර්යයන් සිදුවනු ඇති.

ගැසට් නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී‍ ඇත්තේ අදාළ කාර්යය සාධක බලකාය විසින් වසර දෙකක කාලයක් තුළ දී එම රාජකාරී ඉටුකර ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published.