හිටපු ජනපති රනිල්ට ඉදිරි දින කිහිපයේදීත් ජාතික රෝහලේදී ප්‍රතිකාර

ඇප මත නිදහස් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය තුළද කොළඹ ජාතික රෝහල තුළ ප්‍රතිකාර ලැබීමට නියමිත බව හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සඳහන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පැරදවීමට පුළුල් විරෝධතා ව්‍යාපායක් වෙනුවෙන් දායක වූ සියලු පාර්ශව වෙත සිය ස්තූතිය පුද කරන බවය.

වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශ්ව ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂිත බවද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ

Leave a Reply

Your email address will not be published.