නවකවධ සිද්ධියකට නැගෙනහිර සරසවි සිසුන් 16ක් අත්අඩංගුවට

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධියට මුහුණ දුන් සිසුවියක සිදුකළ පැමිණිල්ලකට අදාළව එරාවුර් පොලීසිය මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සිසුන් 9 දෙනෙකු සහ සිසුවියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන් ය.

පසුව එම සිසුන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published.