උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවෙලා ද ?

මේ වනවිට පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින් ජයතිස්ස මහතා මේ බව පැවසීය.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලද තොරතුරක් මත පදනම්ව මෙම පරීක්ෂණය සිදුකරන බවය.

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලබාදීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි සමාජ මාධ්‍ය තුළ දැඩි සේ කතා බහට ලක්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති කිහිපයක් ද මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.