ආර්පිකෝ වන කාර්ය මණ්ඩල අඛණ්ඩ වැඩ වර්ජනයක

වෙනස්කොට සැළකීමට එරෙහිව

ආර්පිකෝ වන කාර්ය මණ්ඩල අඛණ්ඩ වැඩ වර්ජනය හෙට සිට

ර්පිකෝ සමාගම යටතේ පාලනය කෙරෙන නමුණුකුල, මස්කෙළිය සහ කෑගල්ල යන වැවිලි සමාගම් වල සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් නොවැම්බර් 28 දා (හෙට) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව ලංකා වතු සේවා සංගමය කියයි.

සමාන රාජකාරි කටයුතුවල නිරත අනෙකුත් ප්‍රාදේශිය වැවිලි සමාගම්වල වතු කාර්ය මණ්ඩලය භුක්ති විඳින වැටුප්, වරප්‍රසාද, රැකියාවේ සුරක්ෂිතතාව, සමාජ ආරක්ෂණය ඇතුළු සේවා අයිතිවාසිකම් ආර්පිකෝ

වතු සමූහයේ නමුණුකුල, මස්කෙළිය සහ කෑගල්ල යන වැවිලි සමාගම් වල සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අහිමි කිරීමට ආර්පිකෝ කළමණාකාරිත්වය පියවර ගැනීම මෙම වතු කාර්ය මණ්ඩල අඛණ්ඩ වැඩ වර්ජනය කැඳවීමට හේතු වී තිබේ.

මේ අනුව නොවැම්බර් 28 දින සිකුරාදා පෙරවරු 8 සිට ආර්පිකෝ වතු සමූහයේ පහතරට කලාපයේ වතුවල සියළුම වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම අඛණ්ඩ වැඩ වර්ජනයට එක්වන අතර නොවැම්බර් 29 දින පෙරවරු 8 සිට ආර්පිකෝ වතු

සමූහයේ උඩරට කලාපයට අයත් සියලුම වතුවල වතු කාර්ය මණ්ඩල මෙම ක්‍රියාමාර්ගයට එක්වනු ඇත.

ඒ අනුව පහතරට සහ උඩරට වතු 54ක ලිපිකරු, කර්මාන්තශාලා, ක්ෂේත්‍ර, සෞඛ්‍ය, සහ සහාය කාර්ය මණ්ඩල මෙම වර්ජනයට එක්වීමට නියමිතය.

මෙම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයේදී වර්තමානයේ උද්ගතව තිබෙන අයහපත් කාළගුණික තත්ත්වය සැළකිල්ලට ගනිමින් වතුවල හදිසි ආපදා කාරණා වලදී අවශ්‍ය වන සුබ සාධන හා සෞඛ්‍ය සේවාවන් ස්වේච්ඡාවෙන් ලබා දීමට

සංගමය වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට උපදෙස් ලබා දී ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන්ද නොතකා හරිමින් මෙම සමාගම ජාත්‍යන්තර සදාචාර සහතිකකරණ ගිවිසුම ද කඩකරමින් කටයුතු කරමින් සිටින අතර එකම ක්ෂේත්‍රයක එකම ආකාරයේ වෘත්තීන්වල නිරතවන පිරිසකට දෙයාකාරයකට සැළකීම තවදුරටත් ඉවසන්නට වගකිවයුතු වෘත්තීය සමිතියක් ලෙස ලංකා වතු සේවා සංගමය සුදානම් නොමැති බවත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published.