ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් පවත්වා තිබේ.

ඒ කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහාය.

ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් වී, බඩඉරිඟු, ධාන්‍ය සහ එළවළු වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්යෙන් පවතින සංඛ්‍යා දත්ත සහ අදාළ ගොවීන්ට වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර වාරිමාර්ග පද්ධතියට සිදුව තිබෙන හානිය ගණනය කොට එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ සැලසුම් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published.