මියන්මාර මහමැතිවරණයේ තෙවන සහ අවසන් අදියරේ ඡන්දය සලකුණු කිරීම අද (25) පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙම මැතිවරණයේදී හමුදාවේ සහය ලත් පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වනු ඇතැයි අපේක්ෂේ කෙරේ.
මැතිවරණය නිදහස් හෝ සාධාරණ නොවන බවත් එරට පවතින හමුදා පාලනය නීත්‍යානුකූල කිරීම සඳහා මෙය පවත්වන බවත් මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙයි.
මීට පෙර මියන්මාරයේ පාලනය කළ අවුන් සාන් සුකීගේ ධුරයෙන් නෙරපා හැර වසර පහක ගතවීමෙන් අනතුරුව මෙම මැතිවරණය පැවැත්වීමත් විශේෂත්වයකි.
අවුන් සාන් සූ කී තවමත් රැඳවුම් භාරයේ සිටින අතර, තවත් විපක්ෂ කණ්ඩායම් කිහිපයක් මෙන්, ඇගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD)විසුරුවා හැර තිබේ.
පළමු අදියර දෙකහි ඡද්න ප්‍රතිඵල අනුව මිලිටරි සහාය ලත් යුනියන් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය පෙරමුණ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එහිදී ඔවුන් පහළ මණ්ඩලයේ ආසන 209න් 193ක් සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 78න් 52ක් ලබාගෙන ඇත.


