කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර අද (31) සහ හෙට (01) යන දෙදින තුළ දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර ඉහළ සහ පහළ මාර්ගවල ධාවනය කළ හැකි දුම්රිය ප්‍රමාණය වැඩි කිරීම සඳහා අදාළ සංඥා පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවිය හැකි බවය.
මෙම කටයුතු හේතුවෙන්, අද සහ හෙට යන දෙදිනවල උදෑසන සහ සවස් කාලයන්හි මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15කට ආසන්න කාලයක් ප්‍රමාද විය හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මේ හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවිය හැකි අපහසුතාවය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව කණගාටුව පළ කරයි.


