ලොව රන් සහ රිදී වෙළෙඳපොළේ හදිසි මිල අඩුවීමක්

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අද (31) වනවිට රන් අවුන්සයක මිල අ.ඩො. 4,893.2ක් දක්වා අඩුවී ඇති අතර, එය ඊයේ (30) දිනයට සාපේකෂව අ.ඩො. 434.45ක පහළ යාමක්ය. ප්‍රතිශතයක් ලෙස මෙම පහළයෑම 8.15%කි.

රිදී මිල ගණන්ද දැවැන්ත ලෙස පහළබැස තිබේ. අද වනවිට රිදී අවුන්සයක මිල අ.ඩො. 85.34ක් වන අතර, එය පෙර දිනයට සාපේක්ෂව අ.ඩො. 29.16ක මිල පහළයෑමක්ය. ප්‍රතිශතයක් ලෙස එය 25.46%ක් වේ.

මේ අනුව ගතවූ පැය 48 තුළ රන් සහ රිදී වෙළෙඳපොළෙන් ඩොලර් ට්‍රිලියන 15ක් පමණ ඈවර වී තිබෙන බව ජාත්‍යන්තර වාණිජ පුවත් වාර්තා තහවුරු කර ඇත.

කෙසේ වෙතත් රන් මිල තවමත් පවතින්නේ 2025 වසරට වඩා දෙගුණයක් පමණ ඉහළ මට්ටමකින්ය.

Leave a Reply

Your email address will not be published.