ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිටදී කාන්තාවකගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව ගල්ගමුව පොලිසිය පවසනවා. ඊයේ පෙරවරුවේදි මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්.
ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණයේ නඩු කටයුත්තකට පැමිණි මොරගොල්ලාගම, සියඹලන්ගොමුව ලිපිනයේ පදිංචි කන්තාවක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
ඇයට පිහිඇනුම සිදුකළ පානදුර, අළුබෝමුල්ල තිස්ස මාවත යන ලිපිනයේ පදිංචි 40 හැවිරිදි ඇයගේ සැමියා බවයි වාර්තා වන්නේ.
මිය ගිය කාන්තාවට වයස 16ක ගැහුණු දරුවෙකු සහ තවත් පිරිමි දරුවන් තිදෙනෙකු සිටින අතර සැකකර සැමියාගෙන් ඇය මීට මාස 07කට පමණ පෙර වෙන් වී ගොස් වෙනත් පිරිමියෙකු සමග පදිංචිව සිට තිබෙනවා.


