වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කළුතර ඩිපෝව ආසන්නයේදී වාලම්පුරියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) දහවල් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වාලම්පුරිය රුපියල් ලක්ෂ 35 ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ බව අනාවරණය වී තිබේ.

සැකකරු සහ වාලම්පුරිය කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස 51 ක් වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.