2019 වසෙර් පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2017 සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.
අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
එමෙන්ම ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවටද කරුණු හෙළිවී ඇති බව ඔහු පැවසීය.
තවද සහරාන් හෂීම්ට ඉහළින් සිට ඔහුව මෙහෙයවූ පුද්ගලයෙකු සහ කණ්ඩායමක් පිළිබඳ සාක්ෂිද හමුවී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
එසේම වව්නතිවු පොලිස් නිලධාරීන් ඝාතනය සිද්ධියේ විමර්ශන නිසි ආකාරයෙන් සිදුකළේ නම් පාස්කු ප්‍රහාරය වැළැක්වීමට හැකිව තිබූ බවද ඔහු පැවසීය.
පාස්කු ප්‍රහාරයට අදාළ කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


