කොළඹ බෝම්බ පුපුරවන්න සැළසුම් කළ අයෙක් අත්අඩංගුවට

සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රන් නොහොත් කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීම මත කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීමට සැලසුම් කළ බව කියන සැකකරුවකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය පවසයි.

සැකකරු ජා ඇල, කලා වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි කොළඹ 15 පදිංචි පුද්ගලයෙකි. 

සැකකරු මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීම සඳහා සැලසුම් කර තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.