මෙරට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබේ.
ඊට සාමාජිකයින් 15 දෙනෙකු ඇතුළත් වේ.
එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතාය.
මෙම කමිටුවේ වගකීම වන්නේ, ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ උපායමාර්ගික වැදගත්කම හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමය.
මෙම කමිටුව පහත සාමාජිකයන්ගෙන් සමන්විත වේ.
1.මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක
උපකුලපති,
කොළඹ විශ්වවිද්‍යාලය.
(කමිටු සභාපති)
2.මහාචාර්ය ගෝමින්ද පොන්නම්පෙරුම
තත්ත්ව සහතික කිරීමේ ස්ථාවර කමිටුව,
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව.
3.මහාචාර්ය ආර්. සුරෙන්තිරකුමාරන්
පීඨාධිපති,
වෛද්‍ය පීඨය,
යාපනය විශ්වවිද්‍යාලය.
4.මහාචාර්ය එම්. උමාකාන්ත්
අංශ ප්‍රධානී,
සෞඛ්‍ය සේවා විද්‍යා පීඨය,
නැගෙනහිර විශ්වවිද්‍යාලය.
5.මහාචාර්ය කේ. එන්. මාරඹේ
අංශ ප්‍රධානී,
වෛද්‍ය පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
6.වෛද්‍ය සී. එල්. කේ. අතපත්තු
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.
7.මහාචාර්ය ඒ. ඒ. පතිරණ
වෛද්‍ය පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
8.වෛද්‍ය පාලිත අබේකෝන්
උපදේශක,
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය.
9.මහාචාර්ය එල්. එල්. අමිල ඉසුරු
අංශ ප්‍රධානී,
වෛද්‍ය හා ව්‍යවහාරික විද්‍යා පීඨය,
රජරට විශ්වවිද්‍යාලය.
10.වෛද්‍ය ඉන්දික වන්නිනායක
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (වෛද්‍ය සේවා),
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.
11.මහාචාර්ය මනුජ් වීරසිංහ
වෛද්‍ය පීඨය,
වයඹ විශ්වවිද්‍යාලය.
12.වෛද්‍ය ආනන්ද රත්නායක
දන්ත වෛද්‍ය විද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
13.වෛද්‍ය සී. කේ. ලියනගේ
වෛද්‍ය පීඨය,
කොළඹ විශ්වවිද්‍යාලය
(වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් නියෝජනය)
14.නවෝද්‍ය මාරසිංහ
වෛද්‍ය පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
(වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් නියෝජනය)
15.ඩබ්ලිව්. ආර්. පී. යූ. නුවන්ති
සහකාර අධ්යක්ෂ (සංවර්ධන),
අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය.
( කමිටු කඳවුම්කරු)


