අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අමෙරිකානු සහ නයිජීරියානු හමුදා විසින් ISISහි දෙවන අණදෙන නිලධාරියා ඝාතනය කර ඇති බවයි.
අබු-බිලාල් අල්-මිනුකි අප්‍රිකාවේ සැඟවී සිටියදී, ලැබුණු රහසිගත තොරතුරු මත මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පරිදි, අමෙරිකානු සහ නයිජීරියානු හමුදා එක්ව ඉතා සූක්ෂම ලෙස මෙම මෙහෙයුම සිදු කර තිබේ.
මේ අතර ට්‍රම්ප් පවසා ඇත්තේ, අබු-බිලාල් අල්-මිනුකි තවදුරටත් අප්‍රිකානු වැසියන්ට හෝ අමෙරිකානුවන්ට තර්ජනයක් නොවන බවයි.
“ඔහු තවදුරටත් අප්‍රිකාවේ ජනතාව භීතියට පත් නොකරනු ඇත, නැතහොත් අමෙරිකානුවන් ඉලක්කකර මෙහෙයුම් සැලසුම් කිරීමට උදව් නොකරනු ඇත.”


