වෙල්යායක් ආසන්නයේ ළිඳකින් පුද්ගල මළසිරුරක් හමුවෙයි

හෝමාගම පොලිස් වසමේ පිටිපන දකුණ ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ පිහිටි ළිඳක් තුළ තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

ඒ, ඊයේ (15) උදෑසන හෝමාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදීය.

මරණකරු අවුරුදු  43ක් වූ මහාලන්ද, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි යුදහමුදා සෙබළෙකි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘතශරීරය ඥාතීන් වෙත භාරදී ඇති අතර හෝමාගම පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.