මීගොඩ හයිලෙවල් මාර්ගයේ දන්සලක් අසලදී සිදු වූ බිහිසුණු අනතුරින් මියගිය පිරිස අතර එකම පවුලේ ඥාතීන් සිව්දෙනෙකු සිටින බව වාර්තා වුණි.
එම සිව්දෙනා අතර පිළියන්දල වෑවල පල්ලිය පාර ලිපිනයේ පදිංචිව සිට් 56 හැවිරිදි පි බි ඉන්ද්‍රාණි නැමැති කාන්තාවක්, 35 හැවිරිදි ඇයගේ දියණිය වන නවීෂා නිලක්ෂි, 38 හැවිරිදි ඇයගේ බෑණා වන ලසික ප්‍රියංකර නානායක්කාර සහ 15 හැවිරිදි වියේ පසුවන මියගිය කාන්තාවගේ සහෝදරයාගේ දියණියත් සිටින බව වාර්තා වේ.
දියණිය සහ ඇයගේ සැමියා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඉකුත් සෙනසුරාදා දිනයේ එම යුවළ තම මවුපියන්ගේ නිවස වන පිළියන්දල පල්ලිය පාර නිවස වෙත පැමිණ තිබුණි.
ඉන්ද්‍රාණි සහ ඔහුගේ ස්වාමිපුරුෂයා විසින් ඔවුන්ව නැවත අවිස්සාවේල්ලෙහි පිහිටි නිවස වෙත ඇරලීමට ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිට ඇති අතර එහිදී අතරමගදී පැවති දන්සලෙක පෝලීමේ රැඳීසිටිය දී මෙම අනතුරට මුහුණ දී තිබුණි.
එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ ඉන්ද්‍රානිගේ ස්වාමිපුරුෂයා සහ දියණියගේ වැඩිමහල් දරුවා රථය තුළ රැඳී සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ දිවි බේරී ඇති බවද සඳහන්ය.
මේ අතර අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ.සේනාධීර මහතා සඳහන් කළේ එම අනතුර චේතනාන්විතව සිදු කර ඇති බවත් එයට එරෙහිව ලබා දිය හැකි උපරිම දඬුවම එනම් මිනීමැරීම් චෝදනාව යටතේ ද ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් ය.


