මෙරට බන්ධනාගාරවලින් නිදහස් කරන ලද ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු චෙන්නායි වෙත ළඟා වී තිබේ.
ඊයේ (02) එම ධීවරයින් මෙලෙස ඉන්දියාව බලා පිටත් වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
එම ධීවරයින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කළ අතර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමෙන් පසු, ඔවුන්ව ඉන්දීය බලධාරීන් විසින් නිදහස් කර සිය රට වෙත ගෙන්වන ලදි.


