වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

සූරියපුර ජනසවිවැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන වාන්ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා තවත් අයෙකු සමග කුඹුරට ගොස් සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සූරියපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.