ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කර ඇත්තේ වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,071ක් වාර්තා වී ඇති බවය.

ඉන් රෝගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

මින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය ජුනි මාසයේදී වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538කි.

ජුලි මාසයේ ගතවූ දින 12ක කාලය තුළද සැලකිය යුතු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඒ අනුව පසුගිය දින 12ක කාලය තුළ ඩෙංගු රෝගීන් 12,692ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

මින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් මේ දක්වා වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 35,823ක් ලෙසද සටහන් වී තිබේ.

මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 10,657ක්, සබරගමුව පළාතෙන් රෝගීන් 5,756ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,560ක් ලෙස වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published.