මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබේ.
‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු අපරාධ කල්ලිය පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න හෙවත් ‘බැකෝ සමන්’ ද එම පිරිස අතර සිටි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


